Sunday, January 18, 2015

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -32 •‿•)

දැන් ටික දවසක ඉදන් හිනාවෙන් ඉනාවෙන් පොඩිඩක් හිනා වෙලා යන්න එන්න අමතක වෙනවා.... ඒකට හේතුව ගොඩක් අය මෙි දවස් වල එක එක චරිත රගපානවා .... හූනි ඉනාවෙන් ඉනාවෙන් නිහඩව ඒ දිහා බලා ඉන්නවා .... ඒවා දැක්කම ඇහුවම ඇත්තමයි නිකමිම හිනා යනවා... ඒත් එක පාරටම හිනා නොවී වට පිට බලනවා.... මොකද? මෙි දවස් වල සමහරුන්ට විරුද්ධ මතදාරියෙක් හිනා වුනත් ඒක නඩුවක් වෙන්න පුලුවන්, නැත්තමි බැනුමක්, නැත්තං පලි ගැනීමක් වෙන්න පුලුවන්, ඒ තරමි යහ පාලනයක් තිබෙන බවක් පේනවා.
..  •‿•)                                                          -------------------------------------------------------------------------------------------------------------

                                                                            පුංචි ශ්‍රී ලංකාවට ගෙෘරවයක් එක් කරමින් නිහතමානී .. සිනා මුවින්.•‿•) සිත් සනසාලූ.. අන්‍යාගමිකයන්ගේ පවා ගෙෘරවාදරයට පත් වූ .. අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ  ලංකාවට පැමිනීම වෙනු වෙනුයි මෙි සිහිවටන තැබීම..               --------------------------------------------------------------------------------------------------------                      දවසේ හිනාව- •‿•) පසු ගිය චන්ද කාලයේ අපගේ කනට ඇසුනු දෙයක්නෙ පිටි පොකටි කාරයා පොකටි ගහලා දුවන්නෙ හොරා.. හොරා.. කියලා.  •‿•) එක් කාලයක එහෙම සැකයට භාජනය වී නීතියේ කනින් රිංගන්න සූර වූ කෙනෙක්, දැන් ඉන්න හොරු අල්ලන හොරා පොලිස් කතා කියනවනේ හරි හරියට..එවන් උත්තමයෙකුට ..යහ පාලනයට.. මුදල් ඇමතිකම ලැබුනම කොහොම සතුටක්ද?  ඇති වෙන්නේ හැබෑවට.. එවන් උත්තමයෙකුට ..තව දුරටත් සුපුරුදු ක්‍රියාවලියේ යෙදෙන්නට.. රටෙි යහ පාලනයට. ඉඩ සලසා දුන්නටයි මෙි උපහාරය හා සතුට... •‿•)  


 හූ
 පන්ඩිතයන්ට ඒ දන්ඩෙ යන්න බැහැලු.... ඉස්සර කවුදෝ එහෙම කිවිවලු... සමහර බක පන්ඩිතයන් ගත්තු තීරන දැක්කම මෙහෙමලු ....කියන්නෙ සමහරු හිනාවෙන් ඉනාවෙන්මලු .... අද ඒ පන්ඩිතයන්ටම   රට යන්නෙ කොහොබටදැයි දැන් හිතා ගන්න බැහැලු....•‿•) 
 
ඉස්සෙල්ලා පන්ඩිතයන් ගැන කිවිවනේ... මෙි කතාව වීරයන් ගැනයි හිනාවෙන් ඉනාවෙන් කියන්නේ... •‿•) මෙි දවස් වල ගොඩක් ගොඩක් අය වීරයෝ වෙන්න හදනවනේ... යුද්ධ කාලේ බූරුවෝ වගේ වෙලා හිටපු අයත් තමන්ට වීරයෙක් වෙන්න බැරි බව දැන ගෙන කාඩිබෝඩි වීරයෝ වෙන්න හදනවනේ... •‿•)  ඒ කොහොම වෙතත් කටිටියක් වීරයෝ ගැන සංවාදෙක යෙදෙන විට ඒ කියන දේ අහන් වුන්නු තව කෙනෙක් දුන් කදිම පිලිතුරක් හූනි ගෙත් හිත් ගත්ත වගේම ඒ කතාවට තිත තබන්නත් හේතු වුනා කටිටියට. කියා ගන්න දෙයක් නොමැතිව ..මෙයයි ඒ... වීරයා යනු ලෝකයට රටට යමි විශේෂයක්.. වැදගත් යමක් කර පුද්ගලයෙක්නේ .ඒ වගේමයි ඒ වීරයා ජීවත්ව සිටිනා තුරු ඒ ගෙෘරවය රැක ගත යුතුයි. එසේ නොමැතිව තමා මොන තරා තිරමෙි වීරයෙක් වුනත් පසුව එයට පටහැනි යමක් වුනොත් ලෝකයට රටට ඔහු හෝ ඇය වීරයෙක් වීරවරියක් වෙන්නේ නෑ ...අපි අපේ රටෙි වීරයෙක් කියා කෙනෙක් උදාහරනයට ගත්තොත් සැබෑවටම රටට හිතැති වීරයෙක් නමි තමන්ගේ පටු අරමුනු වෙනුවෙන් රට පසු බැස්මකට දැනුවත්ව ලක් කරන්නේ නැහැ පුද්ගලික මති මතාන්තර වෙනුවෙන් රට උගසට තබන්නේ නැහැ තමන්ගේ පටු වාසියක් වෙනුවෙන් රට උගසට තබන්නේ නැහැ කොටින්ම පලමුව රට ගැන සිතා දෙවනුව තමා ගැනයි සිතන්නේ .. ඉතින් මුලා නොවී රටට හිතැති සැබෑ වීරයන් කවුදැයි හදුනා ගැනීමයි අද කවුරුත් කල යුත්තේ බැලුවම ටිකක් හිතලා ඉතිං කතාව ඇත්ත තමානේ .... •‿•)                                

No comments:

Post a Comment