Friday, February 6, 2015

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -35 •‿•)

ඔන්න හිනාවෙන් ඉනාවෙන් අද ටිකක් වෙනස් යමක් ඉදිරිපත් කරන්න හිතුනා... හැමදාම දකින කුකුළගෙ කරමලේ ඇදට සුදට පෙනිය හැකි නිසා...වෙනස් යමක් කියන්න හිතුනා...  •‿•)

සමහරු මොකෝ නිකං සෑඩි මූඩි වගේ .. ඉන්න එපෑ ඉතිං මෙි අපි වගේ... අපි නං ඉතිං කවදත් ඉන්නවා වගේ.. ඉන්නෙ මෙි දවස් වලත් වෙනසක් නැහැ.. නැව ගිලුනත් බෑන් චූන් වගේ... •‿•) •‿•)•‿•) 
        

පැරණි රසාංග-•‿•)

1 - ගීතය -  ඔන්න කාලයට තාලයට ගැලපෙන අදහසක් ඇති අපූරු ගීතයක් ..•‿•) •‿•) පරන වුනත් හැමදාටම ගැලපෙන ගීතයක පද රචනාවක්... ඔන්න හිනාවෙන් ඉනාවෙන්වෙන්ම කියවලා බලලා පුලුවන් නමි අහලා රස විදින්න.. ඒ තරමි අපූරු ගීතයක්..      ---- •‿•) •‿•)---- ලිදෙන් වතුර බීලා... එයින් වතුර නාලා ..ලිදට ගල් ගසාලා ..වතුර බොරකරයි මිනිසා ..වතුර බොරකරයි මිනිසා.. ගගට ආවඞයි ..            ගහේ වැල එතීලා යාවී හැදී ..පසුව පිළිල වීලා සාරේ යදී.. කාලා බීලා නිදලා.. කාලේ ගෙවයි.. කාපු තැනද වනසා.. මිනිසා දුවයි ... ඉනිමං දමාලා නැගීලා බලයි... එයට පහර දීලා කඩාලා දමයි.. අතීතේ නසාලා.. දිනූවා සිතයි ..තිබූ තැනද නැතී වී පරාජේ වැටෙයී... ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා... ගහේවැල එතීලා යාවී හැදී.. පසුව පිළිල වීලා ...සාරේ යදී ..කාලා බීලා නිදලා ..කාලේ ගෙවයි.. කාපු තැනද වනසා.. මිනිසා දුවයි ..  ගායනය - වික්ටර් රත්නායකයන්( දන්නෙ නැති වුනත් මෙි ගීතයේ පද රචනය කාගෙද? කියලා.. අනුමාන කරනවා ප්‍රේම කීර්ති ද අල්විස් ශූරීන්ගෙ කියලා.. මෙවන් පද රචනා බොහොමයක් එතුමා ලියලා තියෙන නිසා.. ) වෙනත් රචකයෙක්ගේ ගීතයක් නමි කමා කරන්න ඔිනෙ හරි හැටි නොදැන කිවිව වැරැද්දට.. ) •‿•)


 2- ගීතය  - •‿•)  මෙි සිතට දැනෙන කාලයට ,තාලයට,  ගැලපෙන පරන වුනත් අදටත් හෙටටත් ගැලපෙන අර්ථයක් ඇති ගීතයක් - සිනහාවෙන් හෝ කතාවෙන් බෑ..... මනින්නට මිනිසා....... සිතේ ඇති දේ...... කවුද දන්නේ..... කියන්නට විමසා........  එකට එක් වී එකට කාබී...... එකට සැතපීලා...... උගුලෙ අටවයි විපතෙ පටලයි..... මුරුග ගති පාලා..... ලෝකයේ..... මර විසක් නැත වෙන..... මිනිස් විස වාගේ......  තියෙන ඇත්තා නැති තැනැත්තා.......තඹයකට නොතකා....... ඔහුගෙ නැතිකම් දුබල බැරිකම්...... පෙනි පෙනිම මිරිකා..... සැපවිදියි....පණ ගියත් පෑගී ...... අනිත් මිනිසාගේ.... යුක්ති ධර්මේ ජය ගනීවී...... දිලෙන ලෙස දිනිදා...... නැත්ත නැතිවේ...ඇත්ත හෙලිවේ..... යම් දිනෙක මතුදා..... ඔහු එදා.....පිහිටවත් නොලැබෙයි..... ඔහුගෙ සෙවනැල්ලේ......


 ගායනය - මොහිදින් බෙග් මහතානන් - බොදු ගී ගනනාවක් ගයා ඇති මෙතුමා මෙවැනි මිනිසා ගැනම ගියූ මෙම ගීතයත් සැබෑම අර්ථවත් අදටත් හෙටටත් ගැලපෙන අර්ථවත් ගීතයක් වෙි -------------- මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... ඇසින් දුටු දේ බොරු වී නොයේවී....  දෙකනින් ඇසූ දේ ලෙසින්.... තන්හා පොදි ගසා.... තව කෙනකුන් නසා....
මොනවද අවසානේදී අරගෙන යන්නේ . . . . .
ධර්ම රකින්නා ...  ධර්මෙන් ‍රැකදී
එය නොම දන්නා සසරෙහි මැරි මැරී තැවේ . . . . .  (අර්ථවත් මෙි ගීතවල පද රචනය කලේ කවුද?යි නොදන්නවා වුනත් එයත් අගය කරනවා හිනාවෙන් ඉනාවෙන් මොකද? මෙි ගීත අපගේ මතකයේ රැදෙන්නේ ඒ අර්ථවත් ගී පද රචනා නිසයි )


                                                                                                                                                     

දවසේ හිනාව - •‿•) උස් පහත් බේදයක් නැතුව නීතිය ක්‍රියාත්මක කරනවලු... අධිකරන ඇමතිතුමා අනේ මෙහෙම කියනවලු.... •‿•) ඒ වුනාට ජනතාව කියනවා ඒ ගැන සැකයක් තියෙනවලු ... ඒ මෙහෙම වෙන නිසාලු... ඒ විපක්ෂයේ නමි දඩුවමි අනිවාර්ය්‍යලු ....පරීක්ෂනත් කඩිනමිලු... ඒත් ආන්ඩු පක්ෂයෙ නමි එයට පක්ෂපාති කෙනෙක් නමි සෙවීමක් නැතිලු....  •‿•)   

කතාවට කියනවනේ.. අනුන්ගෙ වැරදි සොයන්නේ තමන්ගෙ වැරදි ගොඩක් තියෙන මිනිස්සු කියලා. ඒ වගේම  ඒ අය තමා මෙි දවස්වල ගොඩක් මෙි වගේ දගලන්නේ.. තමුන්ගෙ වැරදි වහ ගන්න හිතා ගෙන . ඒත් ඒ අය දන්නෙ නැහැ. සත්‍යය දිග් ගැස්සූ විට ජනතාවට එය අස්සෙන් පෙනෙන බව. •‿•)

--------- යසයිනේ ... පාලනේ..  •‿•) ) 

                                  •‿•)


No comments:

Post a Comment