Saturday, February 14, 2015

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -36 •‿•)

ඔන්න අද හිනාවෙන් ඉනාවෙන් කියන්නෙ මුලින්ම ඉතිහාසයේ මිනිස් සත්වයා ගැන ඒ සත්වයාම හදුන්වා දුන් අයුරුයි  හිනා වෙලාම හිතට ගන්න මිනිස් සත්වයා හදුනා ගැනීමට පැරනි කාව්‍ය සංග්‍රහයක්--- •‿•)•‿•) අනුන්ගේ වැරදි මිස තමන්ගේ වැරදි නොපෙනෙනා බව ලෝකෝපකාරයෙන්- සවි වත් දකින නෙත - තමා නොදකී ...කැටපතින් මුත් නිරිදුට නැණැති යන- මැතිදු දපණින් දැකුමි සිදුවෙි.... -ලෝකෝපකාරය-- ------•‿•)------ ( දුදනන් අනුන්ගේ අබ ඇට පමන සුලු දොස් දකී තමාගේ බෙලි ගෙඩි පමන වැරදි නොදකින බව ) -------------- මෙි පැරනි ජන කවියක්.. මෙයින් මිනිසෙකුගේ ස්භාවය හදුනා ගත හැකිය. බලන්න තමුන් මොන වගේ අයෙක් ද කියලා --- •‿•) කල හොදකට නොහොද කෙරුම සපුගෙ ගතිය වන්නේ ...කල නොහොදට නොහොද කෙරුම යකුගෙ ගතිය වන්නේ.... කල හොදකට හොදක් කෙරුම මිනිස් ගතිය වන්නේ... කල නොහොදට හොදම කෙරුම දේව ගතිය වන්නේ ... •‿•) ----                                           ---- සුභාෂිතයෙන් එන මෙි පද වැල් ---නැනැති දනන් හට මද ගුනයක් කලද පවතී... ගලේ කෙටූ අකුරක් මෙන් නිබද (සුභාෂිතය) •‿•) 

-------- අවසාන වශයෙන් වෙනස් විදිහේ අපූරු කවියක් ඒත් කාගෙදැයි නොදන්නා කවියක්--- සිනාවකි මැරුනු සැටි කවට අන්දරේ.... •‿•) සිනාවකි දෙ අත් විහිදුම දෑලව රේ.... •‿•)සිනාවකි කතිර පෙටිටියක අන්ද රේ .....•‿•)සිනාවකි මැරුණු පසු වුවද අන්ද රේ ....•‿•)
 

 •‿•)එක් කෙනෙක් අනේ අහනවා
... හැබෑටම හිනාවෙන් ඉනාවෙන් හිනා වෙන්න වෙන මාතෘකා ඇත්තෙම නැද්ද? දේශපාලනය හැර ඔය තව වෙනස් දේවල් ඔින තරමි තියෙන්නෙ කියනවා... ඉතිං ඒ අයට මෙහෙම හිනාවෙන් ඉනාවෙන්ම කියනවා ....මෙි දවස් වල රටෙි වෙන දේවල් දැක්කම දේශපාලනය හැර තව විහිලුවක් තියෙනවද? මම ඒ අය ගෙන්ම නැවත අහනවා ...ඇහෙන්නේ.. දකින්නේ.. ඒ වගේ විහිලු නමි කියන්න වෙන්නෙත් ඒ විහිලුම තමා යාලුවා...•‿•)•‿•)

ෆේස්බුක් පරිහරණය කරන උදවියට ෆේස්බුක් පරිහරණයේදී යම් ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ලක් ඇති වුවහොත් එම හේතුව මත විෂාදය සෑදීමේ ප්‍රවනතාවයක් තිබෙන බව සිංගප්පුරුවේ සිදු කළ නවතම පරීක්ෂණයකින් හෙළිදරව් කර ගත් බව වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍යවරයෙක් කියූ බව පල කරන්නේ වර්තමාන රජයේ ප්‍රභලයෙකුගේ කිටිටුම ඥාතිවරයෙකුගේ පුවත් පතකි.
ඉතින් මෙික දැක්කම හිනාවෙන් ඉනාවෙන් කියනවා හිතට ආපු දේ දැකලා .... •‿•)
විෂාදයට බෙහෙත් කරන්න වෙලා තියෙන්නෙ මාධ්‍ය වල වැඩ කරන සමහරක් අය දාන ඒවට ජනතාව මුලා කරලා......
ඒක නිසා වෙන්න ඇති ආන්ඩුව ආපු ගමන්ම ටෙලි නාට්‍යයක් අතර මග නතර කරලා ....ෆේස් බුක් කියලා ටෙලි නාට්‍යයක් දැමිමෙ ජනතාවට විෂාදය හදලා.... තමන්ට රිසි සේ ජනතාව මුලා කරලා පාලනය කරන්න හිතලා...... •‿•)•‿•)

අහමිබෙන් අද අයි ටී එන් ප්‍රවෘත්ති බැලුවා...•‿•) ඔන්න ප්‍රවෘත්ති සිරස්තල- ශ්‍රීලංකා නිදහස් පක්ෂ රැස්වීම අවුල්ලු ....බැසිල් රාජපක්ෂ ගෙන් ඉන්ටපෝල් හරහා ප්‍රශ්න කරනවලු .....නාමල් රාජපක්ෂට ලක්ෂ ගානක ඔරලෝසු තියෙනවලු .....ක්‍රිකටි අවුල්ලු පහු ගිය රජයෙ වරදලු .... දේශීය ප්‍රවෘත්ති 1යි පහු ගිය ආන්ඩුව වැරදි කරල නැති මෝටර් සයිකල් අනතුරකින් තරුනයන් 2ක් මරුට ..ඒකත් බලන්න ඇති සමහර විට විපරමි කරලා පහු ගිය ආන්ඩුවෙි වරදක්ද? කියලා ...ෆයිල් 1ක් ලැබෙන්නෙ නැති වුනත් වීඩියෝ කරපු 1 දාන්න එපායෑ .•‿•).ඉතිං මෙි තමා එදා රාජ්‍ය මාධ්‍ය ආන්ඩුවට කඩෙි යනවා කියලා හඩ තලපු අය දැන් තමන්ට රුචි විදිහට ප්‍රවෘත්ති පල කරන විදිය•‿•) ...ඒගොල්ලො එදා කොලොත් නරකය.... දැන් කලාට... කමක් නැතිය... ඒ කට කියන්නේ යහ පාලනයය..•‿•)

( පහු ගිය කාලේ ඒ ආන්ඩුව පැත්තට කවුරු හරි කතා කොලොත් කියන්නෙ අයි ටී එන් ප්‍රවෘත්ති බලන මොන්ගල් කටිටිය කියලාය මොංගල් කටිටිය කොමෙන්ටි දාන්න එපා කියලාය •‿•)කෝ හැබෑටම දැන් එහෙම කියපු කටිටිය ...අන්තර්ජංජාලයේ බෙිතකටවත් හොයා ගන්න පලාතකවත් නැතිය.. කොහෙද? මන්දා ඇත්තටම හැංගු‍ෙනේ .... •‿•)

දවසේ හිනාව - •‿•) (වැලන්ටයින් ස්පෙෂල්•‿•)) කෙල්ලන්ට පැනි හලා අයාලේ යන කෙනෙකුට අනේ යන එන මං නැති වෙලා... ආපහු එයා වගේම එක් කෙනෙකුගේ අමිබලමට ගොඩ වෙලා .... නියමෙට කැපෙන ජෝඩුව කියලා හිතලා ...අද වගේ දවසක ඒකත් ජය සිරි මංගලමි කියලා ... හිනාවෙන් ඉනාවෙන් කියනවා ඔහොම එක් තැන් වෙලා ඉන්න අයාලේ නොයා හැමදාම කියලා...•‿•)•‿•)----- මෙහෙම අය එකිනෙකා ගැන හිතන්නේ ..බොහෝ වෙලාවට මෙහෙමලු. මෙහෙම කියන්නෙ නමි හිනාවෙන් ඉනාවෙන් නොවෙි  .. උපමා කැඩපතින් -- පදුර ලගට මා යනවා වි නාවෙි..... පදුර මා ලගට එනවා හි නාවෙි.... අදුර ඇති තැනට ලද අත වනා වෙි.... සොදුර නුඹට රැවටුන මම ගොනා වෙි.....•‿•)•‿•)

-------- හැබැයි ඉතින් හිනාවෙන් ඉනාවෙන් කියන්නේ නමි මෙහෙමයි -- මෙහෙම අයගේ ගෙවෙනා හැටි ආදරේ .... කියනා හැටි මෙහෙමයි බොහෝ විට කතන්දරේ..... අහන් ඉන්න අපහසු මුත් කරදරේ  ..... ඈතින් හිද බලා නොවරදින්න සකසා ගත හැකිය තම තමන්ගේ  ආදරේ.....•‿•)

•‿•) මෙිකත් කිව යුතුයි හැබැයි. වැරදියට හිතන්න එපා... හිනාවෙන් ඉනාවෙන් කියන්නේ ... මෙහෙමයි වෙන්නෙ වැලන්ටයින් දිනේ ... •‿•)දැන ගන්න ඔිනෙම නමි කියවලා බලන්න..•‿•)

No comments:

Post a Comment