හූනි කියන කතා - හිනාවයි ඉනාවයි - 18
දවසේ හිනාව •‿•.
මෙි හිනාව වෙන කාටවත් නෙවෙයි මටමයි .කරන වැඩවලට හොද වැඩ වලට නෙවෙි... කරන තේරුමක් නැති සමහරක් වැඩවලට... හැබැයි ඉතින් ගොඩක් වැඩි හොද වැඩ.. ටිකයි තේරුමක් නැති වැඩ.. ඒවත් සමහරුන්ට වගේම මටවත් තේරුමි ගන්න බැරුවට.. වැඩක් නැති වැඩක් ලෙස පෙනුනට.. ඒවත් වැඩක් ඇති ඒවා.. තේරුමක් ඇති ඒවා.. බවට පත් කර ගන්නවා... එන එන විදිහට ගහ උලුවස්සා කියලා අන්තිමට.. ඒකයි හේතුව මෙි හිනාවෙ ඉනාවෙ රහසට.. •‿•.
හිනාව අමතක වෙනවා කියන්නේ? හිනාවයි ඉනාවයි කෙනෙකුගෙන් ප්රශ්නයක් ඇහුවා...මෙන්න මෙහෙම
හිනාව අමතක කරනවා... අමතක වෙනවා කියන්නේ? ඇහුවා විතරයි දුන්නා උත්තර පැනලා ලේසියෙන්ම.. මෙන්න මෙහෙම... •‿•.හිත ලෙඩ කර ගන්න පාර තමන්ම.. කපා ගෙන යනවා කියන එක තමයි ... මිමි!! බැලුවම ඒකත් හරි නොවෑ •‿•.
කවුරු කවුරුත් අනේ මෙහෙමයි ...මෙි කියන්නේ නමි හිනවට කාරනයක් නමි නෙවෙයි..
හිත රිදුනම කාට කාටත් හිනා වෙන්න අමතක වෙනවා.... ඒත් අනේ කවුරු හරි හිනා වුනාම හිනා වෙන්න මතක් වෙනවා .... •‿•. මතක් වෙලා ඉතින් පුංචි හිනාවක් මුවෙි මවා ගන්නවා...•‿•. ඒත් ඒ හිනාවට යටින් බොහෝ විට බොහෝ දේ සැගවිලා තියෙනවා..
හිනා වෙලාම ටිකක් හිතලා බලන්න පන්ඩිත වැකි ටිකක් !! අදටත් ගැලපෙනවානේ
•‿•
No comments:
Post a Comment