Thursday, November 13, 2014

හූනි කියන කතා - හිනාවයි ඉනාවයි - 19

හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එලියෙනේ... ඒක මෙයාට තේරිලා... ඔන්න අපි දන්න ඔිගොල්ලො නොදන්න රහසක් අනේ මෙි හදිස්සියේ මෙයා කියලා ...හොදයිනේ හැංගි හැංගි නටනවට වඩා එලි පිට නටන එක..... •‿•.


සත්‍යය ගැනයි මෙි •‿•.කතාවක් තියෙනවනේ සත්‍යය හැම විටම ප්‍රසන්න නොවෙි කියලා ඒ නිසා ගොඩක් අය සතුට ලගා කර ගන්නත් බොරු කරනවා කියනවා ඒත් සත්‍යය එලි වුන දාට දුක් විදිනවා •‿•.

ඒ නිසා සත්‍යය ගොඩක් වටිනවා.. එය හරි හටි හොද විදිහට ක්‍රියාත්මක වෙන තැන සතුට රජ කරනවා... පොඩිඩක් හිතලා බලන්න හිනාවයි ඉනාවයි කියන්නෙ බොරුද? කියලා බොරුවක් කිවිවොත් කිවිව දේ ටිකකින් අමතක වෙනවා බොරුවක් කෙරුවොත් එය මොහොතකින් අමතක කරනවා .. සත්‍යය  එසේ නැහැ සත්‍යය රලු වුනත් දුක්බර වුනත් වුනාට පස්සෙ එහි අවසානයක් තියෙනවා බොරුව මෙන් හානිකර වෙන්නෙ නැහැ බොරුව එසේ නොවෙි එක බොරුවක් වහන්න බොරු 1ක් කියලා මදි වෙනවා.. බොරු දාහක් කියන්න වෙනවා කරන්න වෙනවා ඉතින් සමාජ‍යේ බොරුව රජ කරනවා..සත්‍යය පැවසු විට එය මවා කියන කරන දේ වගේ අමතක නොවෙනවා.. එය හැබෑ අත්දැකීමක් නිසා නැවත මතකයට නගා ගත හැකි නිසා.. ඉතින් හිතට සැහැල්ලුව ගෙන එනවා ...එතන සතුට මුල් බැස ගැනීම බොහෝ විට වැඩි වෙනවා....(අමතක කරන්න එපා ඉදහිට යහපත වෙනුවෙන් කරන අහිංසක කාටවත් හානියක් නොවන හොදක් කරන්න කියන බොරුව ගැන නෙවෙි මෙි කිවිවෙ බොරුවෙන් වංචාවෙන් සමාජය රවටන අය ගැනයි මෙි කිවිවෙ.. .. •‿•.  

මෙි කෙනෙක් කිවිව කතාවක් දාන්නේ අතින් රසකාරක දාලා... •‿•.

ඔන්න විහිලු දන්න අයට හිනා වෙන්නත්, විහිලු නොදන්න අයට තරහ වෙන්නත් විහිලුවක් වගේ වුනාට.. විහිලුවක්ම නොවන ඒත් විහිලුවක් වගේම කතාවක්.... ඔන්න එකමත් එක කාලෙක යූ එන් පී කෙනෙකුයි ජේ වී පී කෙනෙකුයි පවුල් පන්සල් වුනාලු .. නොකෙරෙන දීගෙ සෙවනැල්ලත් ඇදලු ..කිවිවට සමිමතය බිදින්න හිතා ගෙන මෙ දෙදෙනාද කතිකා කර ගෙන මෙසේ පවුල් පන්සල් වෙන්න හිතුවලු.. දැන් මෙහෙම දවස ගෙවෙනවලු ..කන්න ඔන වුනාම විතරක් කබරගොයා තල ගොයා කර ගන්නවලු ..දෙන්නම ඒකට හරි දක්ෂලු.. රන්ඩු වෙන්න හේතුවක් ඔනෙ නැතිලු ...පවුලේ අඩ දබර බත ඉදෙන කං විතරයි කියන සමිමත කතාවක් තියෙනවලු.. මෙ දෙන්නා සමිමතය බිදින්න දක්ෂ බව බොහෝ අය දන්නවලු... ඉතිං මෙ දෙන්නා බත් හැලිය ඉදෙනකං උඹලගෙ කාලේ මෙහෙමයි අපට කලේ කිවිවෙ කියලා බැන අඩ ගහ ගන්නවලු .. අන්තිමට ඒ මොහොතේ බලවත් වුන කෙනා බත් හැලිය පොලොවෙ ගහනවලු .. අන්තිමට දෙන්නම එකම පන්තියට වැටෙනවලු.. ඒ කියන්නෙ පහල පන්තියට වැටෙනවලු බඩ ගින්න හිතට දැනෙනවලු.. අන්තිමට නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇද වෙනව කියලා... වෙන වෙන තැන් වලින් කෑම කන්න සොයනවලු(සිගමන් යදිනවලු)

•‿• අනේ මන්දා මම නමි දන්නෙ නැහැ ඕවා ... හැබැයි ඉතින් අදට ගැලපෙනවා වගේනේ

•‿•.

No comments:

Post a Comment