Wednesday, October 1, 2014

හූනිගේ හිනා කතා-හිනාවයි ඉනාවයි - 8 •‿•)

මෙි දවස් වල  හිනාවෙන් ඉනාවෙන් හිනා වෙන්න එන්න වෙලාවක් වුනේ නැහැ. ඔන්න මතක් වෙලා ටිකක් හිනා වෙලා යන්න ආවා. •‿• ඔිගොල්ලො දන්නවනේ මම ඉතින් හිනා වෙචිච ගමන්මයිනේ ඉන්නේ. හැම තිස්සෙම. පේනවනේ  පොටෝවෙි ඉන්න විදිය. මොකෝ මම නිකං තනියම හිනා වුනා කියලා ලෝකෙට පේන එකක්යෑ. හිතේ දුක රජ කරන වෙලාවටත් මෙහෙම හිනා වෙලා ඉන්න එක තමා මගේ සිරිත . එතකොට ලෝකෙට පරකාසේ විතරයි ඔය අයට පේන්නේ... ඔය ගොඩක් හිනා වෙන අය ඔහොම තමයි. කතාවටත් කියනවනේ ගොඩක් හිනා වෙන්නේ.. හිත ගොඩක් රිදුනු මිනිස්සු කියලා. හැබැයි අනේ මගේ නමි එහෙම  හිත රිදව ගෙන නමි නෙවෙි.. මෙි හිනා වෙන්නේ... පුරුද්දට. ඔය ජන්මෙට වඩා ලොකුලුනේ පුරුද්ද ඒකයි.•‿•

                                                                                                                     

(සැලකිය යුතුයි ) වරදවා වටහා නොගන්න ...මෙි නමි හිනාවට කාරනයක් නොවෙි කවුරු කවුරුත් හිතට ගත යුතු කාරනයක්. •‿•)

තමන්ගේ වාසියට අනුන්ව විහිලුවක් කර ගෙන ඒ අය ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සහ කිරීම එය විහිලුවක් නොවෙි.... අනුන්ගේ ජීවිත සෙල්ලමක් යැයි සිතා ඒ ජීවිත සමගින් සෙල්ලමි කිරීමට උත්සහ කිරීම එය විහිලුවක් නොවෙි.... විහිලුවටවත් කෙනෙකුගේ හැගීමි සිතුවිලි එක්ක සෙල්ලමි කිරීමත් එය විහිලුවක් නොවෙි.... මෙි සියලු දේවලින් පෝසත්වූ දූෂිත සිත් වලට දෙවියන් කිසිදාක ලං නොවෙි ..... •‿• 

  •‿•)  කාන්තාවන්ට දිනයක් අවුරුද්දට වෙන් කරලා. පිරිමින්ට දිනයක් අවුරුද්දට නොදා ඉන්න හේතුව දන්නවද? බොහෝ කාන්තාවෝ මෙිකට අකමැති වෙන්න හේතුව දන්නවද? ඒ කාන්තාවන් කියන්නේ මොකට අපිට 1 දවසක් වෙන කරනවද? මන්දා කාන්තාවන්ට එක දවසක් වෙන් කරලා... පිරිමින්ට දවසක් නොදා තියලා... •‿•) ඒ කියන්නේ ඉතුරු දවස් 364ම පිරිමින්ගේ නිසාලු ඉතිං වැඩක් තියෙනවද? අවුරුද්දකට එක දවසක් කාන්තා දිනය කියලා වෙන් කරලා... කාන්තාවන්ව ගොනාට අන්දලලු .... පවි නේ කාන්තා-වෝ  •‿•) 

  •‿• උරෝ කැකුන තලන කොට හබන් කුකුලන්ට රජ මගුල්ලු ..ටක් ගාලා තමන්ට ලකුනු දාගන්න මගක් හොයා ගන්නවා...ඒ සමහරුන්ගෙ හැටිය තව සමහරු චිත්‍රපට ටෙලි ගුවන් විදිලි නාට්‍ය වැඩ සටහන් වගේ තමයි සමහර ඒවත් ..ඔක්කොම හිනා වෙනවා.. හිනා යනවා.. •‿•) අන්තිමට හිනා වුනේ මොකටද වත් අනේ දන්නෙ නැහැ ....හරයක්වත් අන්තිමට ඇති දෙයක්වත් නැහැ කියලා ... ඉතින් සල්ලි දීලා බලපු අය නමි හිතනවා... අනේ මොකක්ද? ඒ කෙහෙල් මල.... ඒ සල්ලි වලින් කඩල ගොටිටක් කෑව නං ඉවරයි ...මෙලෝ රහක් නැහැ කියලා .. •‿• 

හොද විහිලුවක් අගේ කීරීමට තුන් ද‍ෙනෙකු උවමනාය.. •‿• 1.විහිලුව කියන කෙනා 2 විහිලුව තේරුමි ගන්න පුද්ගලයා . .3. විහිලුව නොතේරෙන පු ද්ගලයා.. ඉතින් මෙි අය හදුනා ගෙන විහිලු කරන්න..•‿•)  සෙල්ලම ලෙල්ලම වෙනවා ...ඒකෙන් ඇස් රතු වෙනවා... ඒ බව දැන ගෙනම කරන විහිලුවක් කරන්න.•‿•

ඇත්ත කියන කොට ගොඩක් අයට රිදෙනවා ...රිදෙන හිත හදා ගන්න ගහන්න මඩ හොයනවා.... හොයලා හොයල මඩ අන්තිමට ලැබෙනවා .... ඒත් ගහන්න තැනක් නැති වුනාම දෑතේ ගා ගත්ත එක ගැන තැවෙනවා...   •‿• 

No comments:

Post a Comment