හූනි කියන කතා- හිනාවයි ඉනාවයි - 6 •‿•)
හිනාවකට වඩා යමක්-.•‿•) අනේ මන්දා ..කවුරු මෙිවා දන්නවද?මන්දා ...කවුරු මෙහෙම කරනවද? මන්දා. සමහරු හොදට කියන දේත් වැරදියට වටහා ගන්නෙ.. කාලෙ වරදින්ද? මන්දා...•‿•)
එහෙට
මෙහෙට හැරිලා කොයි පැත්ත බැලුවත් .. දේශපාලන, සමාජ රටාව වට පිටාව ,කලාව, ඉතිහාසය
,මෙි කොයි දේ දිහා විපරමින් බැලුවත් අප දකින්නේ අනුන්ගේ අඩු පාඩු වැරදි
නරක දකින්නන්මය...•‿•)
හොදක් කෙනෙකුගේ කියන්නේ හිතේ එකක් තියා ගෙන වෙන දෙයක්
ඒත් කලාතුරකින්ය ... ඒත් වැරැද්ද ,නරක ,අඩු පාඩු නමි මූනට කෙලින්මය. ඒත්
මෙහෙම සොයන අයගේ අඩු පාඩු එමටය.. ඒවා දකින පාටක් පෙනෙන්නට නැත,තිබුනත් හදා ගන්න උත්සහ
කරන්නේ ද නැත.. ඒවා ගැන දන්න අය නිකමට ඇගෙවිවොත් රතු කටිටට නැගීම නමි
අනිවාර්යය.. එසේ කොට තමන්ගේ අඩු පාඩු වසා ගැනීමට අති දක්ෂය....•‿•)
මෙහෙම
පැටලිලි සහිත ලෝකයේ හැබෑවටම හදවතින්ම හිනා වෙන්න නමි අනුන්ගේ අඩු පාඩු වලට
වඩා තමන්ගෙ අඩු පාඩු සොයා ඒවා හදා ගැනීම නුවනට හුරුය.•‿•)
සමහරුන්ට අනුන්ව ගොනාට අන්දන්න හොදය ... අනෙක් අය ඇන්දුවොත් එන්නේ අං කෙලිං කර ගෙන අනින්නටය.. •‿•)සමහරුන්ට තමන්ගේ අඩු පාඩු කවුරු හරි කිවිවොත් නරකය, අමාරුය ... තමන්ගේ
දාහක් අඩුපාඩු තියා ගෙන අනුන්ගේ අඩු පාඩු හොයන එක හොදය. පුරුද්දය .. •‿•) ඒ වගේම සමහර අය අන්දන්න කියන කතාවලට අහු නොවී ඒක තේරුනු බව ඇගෙවිවම... යනවා
හලෝ යන්න බොරු කියන්නෙ නැතිව කිවිවම.. ඒක වහ ගන්න දාන බොරු කෑලි දැකලා...
හිනා වෙන කොට අසූ හාරදාහට කේන්තියාමටයි මෙි හිනාව.......•‿•)
මෙි සුව නොවන වැස්සට ... බැරිද? මන්දා හැබෑට .. වතුර නැතිව ලත වෙන වියලි කලාපයට.. මෙි අහක දාන වතුර දීලා හිනස්සන්නට...•‿•)
හැම විටම දකින දේ ගැන වද නොවෙන්න... දුටු දේ
සිතට ගෙන ලද දෙයින් සතුටු වන්න. •‿•)
No comments:
Post a Comment